ජනපති රනිල් TNA දිනාගනී! (VIDEO)

0
1169

ආණ්ඩුවට එක් නොවුණද පිටත් සිට සහය දීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසුවේය.

ඒ, අද (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආණ්ඩුවට සහය දුන්නද ඇමති ධූර ලබා ගනිමින් ඊට එක් නොවන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

රට තුළ තිබෙන ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් ඉතා ඉක්මණින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

අද දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් කරන ලද රාජාසන කතාවද හොඳ කතවක් වන අතර දෙමළ ජාතික ප්‍රශ්නය ගැනද අන්තර්ගතව තිබුණු බවයි සිද්ධාර්ථන් මහතා පැවසුවේය.

ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට බොහෝ දේ කළ හැකි බවද හෙතෙම ප්‍රකාශ කරන ලදී.

ASK