විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය චම්පිකට දෙන්නැයි ආණ්ඩුවෙන්ම රනිල්ට ඉල්ලීමක් !

Date:

විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරය පාඨලී චම්පික රණවක මහතාට ලබාදෙන ලෙස ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

මීට පෙර ඒ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඉතාම හොඳින් එම අමාත්‍යාංශයේ කටයුතු හැසිරවූ ආකාරය සලකා මෙම අර්බුදකාරී මොහොතේ නැවතත් එම තීරණාත්මක අමාත්‍ය ධුරය ඒ මහතාටම ලබාදීම යෝග්‍ය බවටයි ඔවුන් යෝජනා කර ඇත්තේ.

විශේෂයෙන්ම ඒ සමයේදී රණවක මහතා විසින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එහි විදේශ විනිමය ප්‍රශ්නය විසඳීම පිණිස යොදවා තිබිණි. ඒ අනුව තෙල් සංස්ථාවට දිනපතා එකතුවන රුපියල් ආදායමෙන් කොටසක් යොදවා දිනපතාම විදේශ විනිමය මිලදී ගැනීම සිදුකෙරුණු අතර ඒ හේතුවෙන් ඒ යුගයේදී ඉන්ධන ගෙන්වා ගැනීම අවශ්‍ය ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් කිසිවිටෙක තෙල් සංස්ථාවට පැන නැඟුනේ නැත.

මෙම තත්වය ජනාධිපතිවරයාට සිහිපත් කර ඇති ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කංචන විජේසේකර මහතා පසුගිය වසර දෙකේ සිටි බලශක්ති අමාත්‍යවරුන්ට සාපේක්ෂව මේ වනවිට හොඳින් කටයුතු කරගෙන ගියත් ඔහුට තවමත් අත්දැකීම් ප්‍රමාණවත් පරිද්දෙන් නොමැති බවයි. එහෙයින් අත්දැකීම් බහුල දේශපාලනඥයකු වශයෙන් මෙන්ම ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි දේශපාලනඥයකු වශයෙන් මේ අර්බුදකාරී මොහොතේ චම්පික රණවක මහතා මෙම තනතුරට ඉතාම සුදුසු බවටයි ඔවුන් යෝජනා කර ඇත්තේ.

චම්පික රණවක මහතා මේ වනවිට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරයකු වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...