මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW:

මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ බී කාණ්ඩයේ අවසාන වටයේ තරග ජනවාරි 24 සහ 25 යන දෙ‘දින තුළ පොතුපිටිය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.දිවයිනේ සියළු පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 1500 ක් පමණ සහභාගි වූ මේ තරගාවලියේ අවසාන තරග වත්මන් වොලිබෝල් පාළක මණ්ඩල සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලියේ මූලික වටය පළාත් මට්ටමින් කාන්තා සහ පිරිමි ලෙස පැවත්වුණ අතර එම පළාත්වලින් පිරිමි සහ කාන්තා ලෙස සූරතාවය හිමි කර ගත් කණ්ඩායම් ජාතික මට්ටමේ තරග සඳහා සහභාගි වීමට නියමිතය.පහත දැක්වෙන්නේ ඒ ඒ පළාත්වලින් ජාතික මට්ටමේ තරග සඳහා සුදුසුකම් ලැබූ පිරිමි සහ කාන්තා වොලිබෝල් කණ්ඩායම් ය.


01 බස්නාහිර පළාත
පිරිමි – ලකී සික්ස් එස්සී
කාන්තා -පොතුපිටිය සංඝමිත්තා එස්සී – කිරිඳිවැල
02 වයඹ පළාත
පිරිමි – ෆාහිම් ජෙම්ස් SC
කාන්තා -හලාවත විජයබා SC – මහෝ
03 නැගෙනහිර පළාත
පිරිමි – ගෝල්ඩන් රයිස් SC ත්‍රීකුණාමලය
කාන්තා – සුපර් කිංග්ස් SC – අම්පාර
04 මධ්‍යම පළාත
පිරිමි -එකමුතු SC
කාන්තා – වත්තේගම යාඩ්ලි SC – වටගොඩ
05 උතුරු මැද පළාත
පිරිමි – ෂෙනු අලෙවි ක්‍රීඩා සමාජය
කාන්තා – හොට් ලයන්ස් ක්‍රීඩා සමාජය
06 උතුරු පළාත
පිරිමි – අල්-ජින්නා ක්‍රීඩා සමාජය මන්නාරම
කාන්තා – කනගපුරම් ක්‍රීඩා සමාජය – කිලිනොච්චිය
07 සබරගමුව පළාත
පිරිමි -රාජසිංහ SC රුවන්වැල්ල
කාන්තා – ශ්‍රී සේනා SC – රුවන්වැල්ල
08 දකුණු පළාත
පිරිමි – දිලෙන තරු SC තල්පේ
කාන්තා – විජයබා ජාතික පාසල – හුංගම
09 ඌව පළාත
පිරිමි – දිලෙනතරු SC – ඇතිමලේ
කාන්තා – ලහිරු SC – මැදගම

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...

ප්‍රේමලාල් ජයසේකරට වරෙන්තු

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු...

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...