ඩීසල් සහ ගාස්තු ප්‍රශ්නය විසඳන තෙක් අඛණ්ඩ වර්ජනයේ! (VIDEO)

Date:

ඩීසල් ප්‍රමාණවත් ලෙස නොලැබීම සහ අත්තනෝමතික ලෙස බස් ගාස්තු පහත දැමීමට විරෝධය පළකරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින අතර මෙම ප්‍රශ්නවලට නිසි විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව වා වර්ජනය ක්‍රියාත්මක කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේය.

ඒ,අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ සිදුකරමින් තිබෙන්නේ පෞද්ගලික බස් කර්මාන්තය විනාශ කර රජයද අපහසුතාවට පත් කිරීම බව ඔහු කියා සිටියේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවල විද්වත් කමිටු ඇත්නම් ඒවායින් මෙවැනි රජය අපහසුතාවට පත්වන වැඩ සිදු නොකරන බවද ඔහු සඳහන් කළේය.

නිසි ක්‍රමවේදයකට ඉන්ධන ලබා දීමේ හැකියාව තිබියදීත් එය ඉටු නොවන බවයි සරත් කුමාර මහතා පෙන්වාදුන්නේ.

ඒ අනුව මෙම දීප ව්‍යාප්ත බස් රථ වර්ජනයට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය,අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය,පොදුජන එක්සත් බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා එක්සත් බස් හිමියන්ගේ සංගමය එක්ව සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...