රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජනපදය, රුසියාව සහ යුක්රේනය සහභාගී වන දෙවන වටයේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා මේ සතියේ අබුඩාබි නුවරදී පැවැත්වීමට නියමිත බව යුක්රේන ජනපති Volodymyr Zelenskyy පවසයි.
පසුගිය සාකච්ඡා වටයේදී භූමිය බෙදාගැනීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවද, පවතින දැඩි ශීත කාලගුණය හමුවේ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාර තාවකාලිකව නතර කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සාමය උදාකිරීමේ ක්‍රියාවලිය සඳහා මැදිහත් වී සිටින අතර, රුසියානු සහ ඇමරිකානු නියෝජිතයන් අතර මේ වන විටත් සාර්ථක මූලික සාකච්ඡා පවත්වා ඇත.
කෙසේ වෙතත්, රුසියාව සිය යුධ ජයග්‍රහණය ආසන්න බව පවසන අතරතුර යුක්රේනය අවධාරණය කරන්නේ තම රටට ගෞරවනීය සාමයක් අවශ්‍ය බවයි.
තවමත් පවතින දේශසීමා ආරවුල් සහ ප්‍රහාර හමුවේ මෙම සාකච්ඡා වටය යුද්ධයේ ඉදිරි ගමන තීරණය කරන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.




