වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකානු හමුදා විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යාමට එරෙහිව කරාකස් නුවර දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මදුරෝ නිදහස් කරන ලෙස බලකරමින් දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස සිටින අතර, මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවට ඔවුහු චෝදනා කරති.

මේ අතර, එරට වැඩබලන නායකත්වයට පත්ව සිටින ඩෙල්සි රොඩ්රිගස්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉල්ලීම්වලට එකඟ වෙමින් වෙනිසියුලාවේ තෙල් සම්පත පෞද්ගලික අංශයට විවෘත කිරීමට පියවර ගෙන ඇත.

රොඩ්රිගස්ගේ පාලනය යටතේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ සහනදායී ක්‍රියාවලියක් ද ආරම්භ වී තිබේ.

කෙසේ වෙතත්, මදුරෝගේ ආධාරකරුවන් සහ ශිෂ්‍ය කණ්ඩායම් වෙනස් අරමුණු වෙනුවෙන් අගනුවර තවදුරටත් උද්ඝෝෂණ මෙහෙයවමින් සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නලින් බණ්ඩාර සජබෙන් ඉවත් කරයිද ?

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර...

ඉරානයේ අවි ප්‍රවාහන මාර්ග අවහිර කිරීමට ඇමෙරිකාවෙන් නව මෙහෙයුම් කණ්ඩායමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: මැදපෙරදිග කලාපයේ යුදමය...

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට; 125කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඊජිප්තුවේ කයිරෝ අගනුවරට...

සංවර්ධන නිලධාරීන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

සටහන - රුවන් නෙළුගොල්ල සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද...