III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW :

78 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට III වන චාල්ස් රජු සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.

කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම පණිවිඩය යොමු කර ඇති අතර, III වන චාල්ස් රජු එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර ඇති ශක්තිමත් ඓතිහාසික සබඳතා ඉස්මතු කර ඇත.

අධ්‍යාපනය, වෙළඳාම සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාවයටද ප්‍රශංසා කර ඇති III වන චාල්ස් රජු , දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් කෙරෙහි ඔහු අනුකම්පාව පළ කර අත.

ශ්‍රී ලංකාවේ හදිසි සේවාවන්හි කැපවීම අගය කළ අතර, 2026 දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීම අපේක්ෂාවෙන් සිටින බවද සඳහන් කර ඇත.

තවද,ජාතික නිදහස් දිනය නිමිත්තෙන්  බහරේනයේ හමාඩ් බින් ඉසා අල් කලීෆා රජු ද 78 වන නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...