‘විවාහයේ වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව’ බිල්ගේට්ස්ගේ බිරිඳ කියයි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
සිය විවාහයේ අතිශය වේදනාකාරී කාලයක් ගෙවමින් සිටින බව බිලියනපති, මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස්ගේ බිරිඳ වන කෝටිපති දානපතිනි මෙලින්ඩා ප්‍රංශ ගේට්ස් ප්‍රකාශ කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපද අධිකරණය විසින් අපකීර්තියට පත් කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු හා මූල්‍ය වංචාකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධයෙන් නිකුත්කරන ලද විශාල ලිපිගොනු හා ජයාරූප අතර ඇයගේ හිටපු සැමියා වන බිලියනපති බිල් ගේට්ස් සිටීමයි.

මෙලින්ඩා ප්‍රංශ ගේට්ස් අද(04)දිනයේදී සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කර තිබුණේ, ජෙෆ්රි එප්ස්ටයින් සමඟ සිය හිටපු සැමියා සිටිනු දැකීම ඇදහිය නොහැකි දුකක් වූ බවත්, ඉතිරිව ඇති ඕනෑම ප්‍රශ්නයකට ඇගේ හිටපු සැමියා ඇතුළු වාර්තාවල නම් කර ඇති අය විසින් පිළිතුරු දිය යුතු බවත්ය.

මෙම යුවළ 2021 දී දික්කසාද වී ඇති අතර 2019 දී මයික්‍රොසොෆ්ට් සේවකයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වූ බව බිල් ගේට්ස් පිළිගෙන ඇත. කෙසේ නමුත් මිට අමතරව එප්ස්ටයින්ගේ වින්දිතයින් කිසිවෙකු බිල් ගේට්ස්ට වැරදි චෝදනා එල්ල කර නොමැති අතර, ලිපිගොනු වල ඔහුගේ නම සඳහන් වීමෙන් කිසිදු ආකාරයක අපරාධ ක්‍රියාකාරකමක් අදහස් නොවේ.

පසුගිය කාලය පුරාම එප්ස්ටයින් හා සම්බන්ධ ලිපිගොනු නිදහස් කරන ලෙස රටතුල විශාල ජනමතයක් හා ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව විරෝධත්වයක් නිර්මාණය වී තිබු අතර දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාදය යන ක්ෂේත්‍රවල ප්‍රභූන් සමඟ ජෙෆ්රි එප්ස්ටයින්ගේ සම්බන්ධතා පිළිබඳ විස්තර හෙළි කරන ලෙස ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටින ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...