තලේබාන් පාලනයට වසරක් ගතවන විට, බඩක්ෂාන් නම් පළාතක අලුත උපන් මරණ සහ ගබ්සා කිරීම් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න බව දේශීය වෛද්‍යවරු පවසති.
ඇෆ්ගනිස්තානයේ මහජන සෞඛ්‍ය සේවයට ආධාර සපයන විදේශ අරමුදල් පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අත්හිටුවා ඇති අතර වේදනා සහන සඳහා ප්‍රවේශයක් නොමැතිව, ඇඳන් බෙදා ගැනීමට තරඟ කරමින් මාතෘ වාට්ටුවල කාන්තාවන් දරාගත නොහැකි දුක් වේදනා විඳින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ. මෙම කලාපය තුළ වෛද්‍යවරුන්ගේ ද පවතින්නේ උග්‍ර හිඟයකි.
මේ සියල්ල අතර, සමහර ළදරුවන් දිවි ගලවා ගනී, නමුත් ඛේදජනක ලෙස බොහෝ දෙනෙක් එසේ නොවන බව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_