අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

Date:

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන බවත් එය තමන්ගේ අයිතියක් මෙන්ම දේශපාලනයේ ස්වභාවය බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමා නිතර සඳහන් කරන දෙයක් තමයි අපිට පහර දුන්නොත් අපිත් පෙරළා පහරදෙනවා කියන එක. ඒ න්‍යායෙන් දැන් බැහැරවෙලාද ඉන්නෙ ?

“මෙහෙමයි, අපි දේශපාලනය කරන්නෙ. දේශපාලනය කියන්නෙ සටනක්, අරගලයක්. දැන් ඔය ඇමරිකාව කියන්නෙ එක එක ඒවා. ඇමරිකාව කියන්නෙ ඉරානයට ගහනවා කියලා, ඉරානය කියන්නෙ ගැහුවොත් ගහනවා කියලා. ඒ වගේ කියනවා නේද ? ඒ වගේ තමයි අපිත්. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඉතින් නිරපරාදේ මතවාදීව පහරදෙනවා නම්, අපිත් ඒකට ප්‍රතිඋත්තර බඳිනවා. ඒක අපේ අයිතියක්. ඒක දේශපාලනයේ අනිවාර්යය දෙයක්. දේශපාලනයක් යන්නෙ නෑ එහෙම නැතිව. ඉතින් ඒ නිසා අපිට පහරදෙනවා නම් අපි පහරදෙන්න ඕනෙ. ඒක දේශපාලනයේ ස්වභාවයක්. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...