සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට පුරා ඇති වූ මාරාන්තික විරෝධතා හේතුවෙන් ඉරාන බලධාරීන් විසින් පෞද්ගලික ව්‍යාපාර ගණනාවක් වසා දැමීමට තීරණය කර තිබේ.
අවන්හල්, කැෆේ සහ රෝස්ටරි, කලාගාර සහ අයිස්ක්‍රීම් සාප්පු ඇතුළු කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් මෙලෙස වසා දැමීමට තිරනයව ඇති අතර වසා දැමූ ව්‍යාපාරවල සමාජ මාධ්‍ය පිටුවල පළ කරන ලද දැන්වීම්වල සඳහන් වූයේ ඒවායේ අන්තර්ගතය රටේ නීති උල්ලංඝනය කිරීම සහ පොලිස් රෙගුලාසිවලට අනුකූල නොවීම හේතුවෙන් මෙලෙස වසා දැමීමට රජය තීරණය කර ඇති බවයි.
මේවන විට ඉරානයේ ජාතික මුදල් ඒකකය වන රියාල්, ඇමරිකානු ඩොලරයකට මිලියන 1.62 කට පමණ හුවමාරු වූ අතර, එය පසුගිය මාසයේ වාර්තා වූ සර්වකාලීන අවම අගයකට ආසන්න විය. ඉරානය බිඳ වැටෙමින් පවතින ආර්ථිකය හමුවේ මේවන විට එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මාවතක් අනුගමනය කරමින් සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ,



