ජෝති හිටියා නම් අදට 90 යි !

Date:

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා වශයෙන් සැලකෙන එච්. ආර්. ජෝතිපාලගේ 90 වැනි ජන්ද දින සංවත්සරය අදට යෙදී තිබේ. ඔහු උපත ලැබුවේ 1936 පෙබරවාරි 12 වනදා ය.

1987 ජුලි 07 වනදා හෘදයාබාධයක් හේතුවෙන් මියයන විට ඔහු 51 වැනි වියේ පසුවිය. ඔහු ජීවතුන් අතර සිටියා නම් අදට වයස 90 කි.

එච්. ආර්. ජෝතිපාල යනු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ අතිශයින්ම සුවිශේෂී චරිතය බව අදටත් අමුතුවෙන් ඔප්පු කිරීමට දෙයක් නැත. ඔහු සිය ගායක දිවියේ උපරිමය සනිටුහන් කරන කාලයේදී ප්‍රබුද්ධ – පීචං වශයෙන් බෙදීමක් ක්ෂේත්‍රය තුළ තිබිණි. ජෝතිපාල අයත් වුණේ පීචං කොටසට ය. ඇත්තෙන්ම ඔහු පීචං කාණ්ඩයේ ඉහළින්ම සිටි පුද්ගලයා විය. ඔහුගේ මරණයෙන් පසුව ඔහු කොතෙක් උත්කර්ෂයට පත්වීද යත් අවසානයේ ප්‍රබුද්ධ යැයි කී අයට පවා පීචං සංගීතයට බහින්නට සිදුවිය. ඒ, ප්‍රබුද්ධ කුලකයේ ඉහළින්ම සිටි අමරදේවයන් පවා ඇතුළත්ව ය.

ජෝතිපාලලාගේ යුගයේදී සංගීතය හෝ කලාව මෙතරම් වාණිජකරණය වී තිබුණේ නැත. අද සිටින සුපිරි තරු තරම් මුදල් හම්බකිරීමට ජෝතිපාලට අවස්ථාවක් ලැබුණේ නැත. අද තිබෙන නවීන තාක්ෂණය ඔහු දුටුවේ නැත. අද තිබෙන සමාජ මාධ්‍ය ජාල ගැන ඔහු සිතන්නටවත් නැතිව ඇත. නමුත් අදටත් රියැලිටි තරග හරහා බොහෝ තරු බිහිවන්නේ ජෝතිලාගේ ගීත ගායනා කරමිනි. ඒ, අදටත් සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වන්නට නම් ජෝති හරහාම යා යුතු නිසා ය.

ටිම් බර්නර්ස් ලී විසින් මේ අන්තර්ජාලය (world wide web) ලොවට හඳුන්වා දුන්නේත් ජෝතිගේ මරණයෙන් වසර දෙකකට පසු 1989 වසරේදී ය. ඒ අන්තර්ජාලය යුගය තුළ පවා අපට ජෝතිපාල නැතිවම බැරි වී තිබේ. හෙට දවසේ කෘතීම බුද්ධි (AI) යුගයේදී ශ්‍රී ලංකාවේ අපට ජෝතිපාල යළි ජීවමානව සිටිනු දැකගැනීමට, ජෝතිගේ හඬින් අලුත් ගීත ඇසීමට හැකිවනු ඇත.

කොතෙක් සුපිරි තරු බිහිවුණත් අදටත් ශ්‍රී ලාංකීය සංගීතයේ බැස නොයන සුපිරි තරුව ජෝති ය. එදා අමරදේවයන් පැවසුවේ ජෝතිපාල යන්නෙහි තේරුම “ආලෝකය පාලනය කරන්නා” බවයි. සිය මරණයෙන් වසර 39කට පසුවත් අදටත් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ “ආලෝකය පාලනය කරන්නා” ජෝතිපාලම ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...

හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු අගමැතිනි...

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...