නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක් බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසුවේය.

ජනතාවගේ ගැටළු විසඳීම වෙනුවට විපක්ෂය පාර්ලිමේන්තුව තුළ රංගනයන් ඉදිරිපත් කරමින් පසුවෙන බවටයි නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේ.

ඔහු මෙම අදහස් දක්වන ලද්දේ අද (12) නිවාස 300 කින් යුත් ඔබේසේකරපුර මහල් නිවාස සංකීර්ණයේ වැඩ යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

”159 දෙනෙකුගේ ජනතා බලයෙන්, අපි තුනෙන් දෙකේ බලය සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගෙන තිබෙනවා. ඒ බලය අපට ලැබුණේ ජනතාවගේ විශ්වාසයෙන්. හැබැයි අද පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් ජනතාව දැකගත යුතුයි. අපේ අම්මලා තාත්තලා අපි පාර්ලිමේන්තුවට යන විට මේක ඇත්තටම කෙසේද කියලා දැනගත යුතුයි. අද විපක්ෂයේ කාර්යභාරය බලද්දී, රට වෙනුවෙන් නිර්මාණාත්මක විවේචනයක් කරනවා වෙනුවට, විනාශකාරී හා අශෝභන නාට්‍යයක් පෙන්වන තත්ත්වයක් අපි දකිනවා. දවසින් දවස පාර්ලිමේන්තුව තුළ “ෂෝ” එකක් වගේ හැසිරීම් සිදු වෙනවා. උදේ 9.30ට පටන් ගන්න මේ නාට්‍ය, 11 වෙද්දී තවත් උණුසුම් වෙනවා. කතා, චෝදනා, කෑගැසීම්,එය රටේ ගැටලු විසඳීමට නොව, කැමරා ඉදිරියේ දේශපාලන රංගනයක් ලෙස පෙනෙනවා.

සමහර මන්ත්‍රීවරුන්ට තමන්ගේ කතාව විකාශනය වුණාද, තමන් අද ප්‍රසිද්ධ වුණාද කියන එක ප්‍රධානයි. “අද මගේ වැඩේ හරි” කියන හැඟීමක් එක්ක ඔවුන් පිටව යනවා. නමුත් රටේ ජනතාවගේ ගැටලු ගැන සැලකිල්ලක් දක්වනවාද කියන ප්‍රශ්නය තියෙනවා. පාර්ලිමේන්තුව යනු නාට්‍ය රඟදක්වන ස්ථානයක් නොව, ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන උතුම් ස්ථානයක්.

අපි දන්නවා, මේ රටට විශාල හානියක් කළ සමහර පුද්ගලයින් ඉදිරියේදී නීතිය හමුවේ උත්තර දිය යුතු වෙනවා. පහුගිය කාලයේ 360 අංශකයක් වෙනස් වෙනවා කියලා කියපු අය අද වෙනස් කතා කරනවා. එවැනි දෙබස්වලට ජනතාව රැවටෙන්නේ නැහැ. රටේ නීතියට ඉහළින් කිසිවෙකු නැහැ. අපේ රජය පිළිබඳව ගැටලු තිබෙනවා නම්, අපි ඒවාට බිය නොවී අපි කරන්නේ සැලසුම් සහගතව උත්තර සොයන එකයි. ජනතාව අපට ලබාදුන් බලය අපි වගකීමෙන් භාවිතා කරනවා. ඒ නිසා අපට විශ්වාසයක් තියෙනවා මේ රට නිවැරදි මාර්ගයකට ගෙනියන්න අපට හැකි බව” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...