බොරැල්ලේ පාසලක තාප්පයක් කඩාවැටී සිදුවූ අනතුරින් එක් සිසුවකුට බරපතළයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW :

ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් තාප්පයක ගැටීමෙන් එම තාප්පය කඩා වැටී ඇති බව වර්තා වේ.

එලෙස කඩා වැටී ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් වන අතර, එම තාප්පය කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. එම අවස්ථාවේ ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී ඇති අතර ඔවුන් මුදාගෙන ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල වන අතර ඔහු මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පාසල් ක්‍රීඩා පිටියේ සිටි 16 හැවිරිදි සිසුන් තිදෙනෙක් බව පැවසේ.

සිද්ධියට අදාළ 48 හැවිරිදි බැකෝ යන්ත්‍ර රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...