ආණ්ඩුව හිරගෙවල් තරුණයින්ගෙන් පුරවන්න හදනවාද ? – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බවත් ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එළඹෙන දොළොස් වැනිදාට යෙදෙන ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කොටගෙන ආණ්ඩුව මේ රටේ හිරගෙවල් තරුණයින්ගෙන් පිරවීමට කටයුතු කරනවා දැයි යන්න සැකයක් පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව විසින් කරනු ලබන මේ මර්දනය වහා නවතා දැමිය යුතු යැයි ද අවධාරණය කළේය. ආණ්ඩුව විසින් සිදු කරනු ලබන සිදු කරනු ලබන මේ මර්දනය සහ රාජ්‍ය මිලේච්ඡත්වය, සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් තරයේ හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකවරයා අභිරහස් ලෙස තරුණයින් අතුරුදහන් කිරීම පිටුපස සිටින හස්තය කුමක් දැයි හෙළි කළ යුතු යැයි ද සඳහන් කළේය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන හදිසි නීතිය වහා අහෝසි කොට සාමාන්‍ය නීතියට රට පත් කළ යුතු යැයිද එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ රාජ්‍ය මර්ධනය නවතා දමා හදිසි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් ඊයේ (09) පාර්ලිමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී පැවැත්වූ විරෝධතාවයේදී ය.

සර්වපාක්ෂික රට ගොඩනගන ඒකාබද්ධ වැඩසටහනට පාර්ලිමේන්තුවේ අලුතින් ස්ථාපිත කළ යුතු විධායක කමිටු ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා රජයට යෝජනා කිරීමට ඒකමතිකව තීන්දු කරනු ලැබූ බව කී විපක්ෂ නායකවරයා ඒ හරහා රට ගොඩනැගීම වෙනුවෙන් සමගි ජනබලවේගයේ සහයෝගය ලබාදීමට ද තීන්දු කරනු ලැබූ බව කීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...