මෙවර සාපෙළ ලියන දරුවන්‍ට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW :

පෙබරවාරි 17 වැනි දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබා නොගත් පාර්ශ්වයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම පුද්ගලයින්, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.drp.gov.lk දරන වෙබ් අඩවියට පිවිස එම තොරතුරු තහවුරු කිරීමේ ලිපි බාගත කිරීමේ පහසුව සලසා දී ඇති බවය. යම් විභාග අපේක්ෂකයෙකු වේ නම් ඔවුන් සඳහා ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම සඳා පමණක් හෙට (14) වැනි සෙනසුරාදා දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ ගාල්ල, කුරුණෑගල, වව්නියාව, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ශාඛාවන් පෙරවරු 08.30 සිට පස්වරු 12.30 දක්වා විවෘතව තැබීමටද එම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වන තෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍යෙ පෙළ විභාගයට පෙනී සිටින පාසල් ඉල්ලුම්කරුවන් වේ නම් ඒ සඳහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත හා අදාළ ලේඛණ රැගෙන පැමිණෙන ලෙසත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...