නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW:
ආසියානු නැඟී එන කණ්ඩායම් අතර කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව බංගලාදේශය හමුවේ ලකුණු 4 න් පරාජයට පත් වුණා.ජයග්‍රහණය පෙනි පෙනී පරාජය වීමේ ලාංකේය ක්‍රිකට් අනන්‍යතාවය මෙහිදීත් දකින්නට ලැබුණා.එසේම බංගලාදේශයේ අති විශිෂ්ඨ පන්දු රැකීම ද සුළුවෙන් ගත නොහැකි අතර පන්දු 3 දී ලකුණු 8 ක් තිබියදී ලතා මොන්ඩාල් රැකගත් උඩ පන්දුව නොවන්නටත් තරගයේ තීරණය වෙනස් වන්නට තිබුණා.
කෙසේ නමුත් අනුෂ්කා සංජීවනී වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකගේ ද සහය ගනිමින් මේ කණ්ඩායම ක්‍රියාත්මක කරවන්න ගත් තීරණ ඇතුළේ අඩුම තරමේ රශ්මිකා සෙව්වන්දි වැනි ක්‍රීඩකාවක් ගැන ශ්‍රී ලංකාවට සිතන්නට තිබුණා.හංසිමාව නායකත්වයට කැඳවා කඩුලු රකින නෘත්‍යාංගනා මෙම කණ්ඩායමට කැඳවා අත්දැකීමක් ලබා ගන්නට සහ විශ්වාසය වැඩි කර ගැනීමට ඉඩ සකස් කරන්නටත් තිබුණා.
වැදගත්ම දේ මෙවැනි තරගාවලි අභියෝගවලට මුහුණ දෙමින් ජය ගැනීමට ඊ ළඟ පරම්පරාවේ දක්ෂයන්ට අවස්ථාව ලබා දීම කෙරෙහි වැඩි අවධානයක් දී කටයුතු කිරීමයි.අනුෂ්කා යනු චමරිගේ වයසේම සිටින ක්‍රීඩිකාවක් බැවින් මේ තරගාවලියේ නායකත්වයට ඇය කැඳවීමෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වලට හෝ ඇයට අත්වන සුගතිය ගැන ඉතිං අමුතු සූත්‍රයක් පෙන්වන්න වෙන්නේ තේරීම් කමිටුවට පමණයි.
එහෙත් අපට දැනෙන පදනම් ආකල්පයට අනුව මෙවැනි කණ්ඩායමක් අනාගත ආයෝජනයක් වන ජයග්‍රහණයට සුදුසු කණ්ඩායමක් විමේ දී,අනුෂ්කා ගැන සිතීම ගැටළුකාරී වෙනවා.
තායිලන්තයේ පැවත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි බංගලාදේශ තරගයේ කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශය තීරණය කරනවා.පන්දු යවන්නෙකු ලෙස ජාතික කණ්ඩායම ඉතාම කුඩා වයසෙන් එකතු වූ ශසිනි ගිම්හානි මේ වන විට ප්‍රහාරාත්මක පිතිකරණයට ද දක්ෂතා දක්වන අතර එහෙත් ඇය පන්දු යැවිමේ දක්ෂ ක්‍රීඩිකාවක් යන්න පැහැදිළියි.එසේ වුව ද ඇය බංගලාදේශයට එරෙහිව පන්දු යැවිම සඳහා කැඳවීමක් කරේම නැහැ.සචිනි නිසංසලා ලකුණු 14 ට කඩුලු 4 ක් දවා ගනිමින් දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර තරගයේදී පන්දු යැවීමට කැඳ වූ මදවේග පන්දු යවන්නියන් වන් වන මිතලි අයෝධ්‍යා සහ චේතනා විමුක්ති කඩුලු ලබා නොගෙන යම් කිසි වැඩි ලකණු ප්‍රමාණයක් බංගලාදේශයට ලබා දුන් අතර,ශෂිනි මෙන්ම අමා කාංචනා ද පන්දු යැවිමට එක් නොකර පසෙකට කර තැබීම විහ්වාස කළ නොහැකියි.
කෙසේ නමුත් ලකුණු 115 ක ට බංගලාදේශය සීමා වූ පසු ශ්‍රී ලංකාවට පැවරුණු ලකුණු 116 ක් ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වීම ඛේදණිය තත්ත්වයක් බව කිව යුතුයි.උප නායිකා හංසිමා කරුණාරත්න කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිණිය වූ අතර ඇය ලකුණු 26 ක් රැස් කරන්නට සමත් වුණා.අමා කාංචනා ලකුණු 23 ක් රැස් කළ අතර සචිනි නිසංසලා පිත්තෙන්ද දස්කම් දක්වමින් ලකුණු 20 ක් ලබා ගන්නට සමත් වුණා.එහෙත් කිසිඳු පිතිකාරිණයකට පහසුවෙන් හුස්ම ගත හැකි ලකුණු වේගය රඳවාගත් හොඳ ලකුණු ගණනක් එක් කරන්නට හැකි වූයේ නැහැ.සාමාන්‍ය තත්ත්වයට අනුව දිගු හයේ පහරවල්වලට ශ්‍රී ලංකාවට ඇති නොහැකියාව නිතර කතාබහට ලක් වුව ද,ඇත්තම දුර්වලතාවය වන්නේ කෙටි ලකුනු එකතු කර ගැනීම සඳහා ඇති නොහැකියාවයි.එය කඩුලු අතර වේගයෙන් දීවීම වර්ධනය කර නොගැනීම නිසා මෙන්ම පන්දුව ස්ථානගත කිරීමේදී දක්වන දුර්වලකම නිසාද සිඳුවන දෙයක් බව කිව යුතුයි.
ඡායාරූපයේ දැක්වෙන්නේ දක්ෂ පන්දු යැවීමක නිරත වූ සචින් නිසංසලා ය.


