ජනපති රනිල්ගේ නිවසට ගිනිතැබීම : සමස්ත අලාභයේ තක්සේරුව අධිකරණයට කියයි

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීමේ සිදුවීමට අදාළ සමස්ත අලාභයේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 205ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව, නිවසට ගිනිතැබීමෙන් රුපියල් මිලියන 14ක අලාභයකුත් නිල රථයට අලාභහානි කිරීමෙන් රුපියල් මිලියන 191ක අලාභයකුත් සිදුව ඇතැයි තක්සේරු කර ඇති බවයි ඔවුන් ඊ‍යේ (10) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ සඳහන් කර ඇත්තේ.

සිද්ධියට අදාළව දැනට සැකකරුවන් 5 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...