පාර්ලිමේන්තුවට එක නීතියක්, ජනතාවට තව නීතියක් ද ? – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

පාර්ලිමේන්තුව ඇතුළේ එක නීතියකුත් රටේ ජනතාවකට තව නීතියකුත් තිබේදැයි කතානායක වරයා වහාම පැහැදිලි කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවසීය.

පාර්ලිමේන්තු සභාගැබ තුළ සහ පාර්ලිමේන්තුව තුළ පොදු දේපල පනත වලංගු නැතැයි සාවද්‍ය ප්‍රකාශයක් පෙරේදා සිදු වූ බව පැවසූ විපක්ෂ නායකවරයා දණ්ඩ නීති සංග්‍රහය මේ සභාව තුළ වලංගු නැද්දැයි කතානායකවරයා ප්‍රකාශ කළ යුතු බවද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සතු බලතල පිළිබඳව රට නොමඟ යවන සිදුවීමක් පෙරේදා සිදු වූ බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ දින 52 ඒ කුමන්ත්‍රණය වකවානුව තුළ පාර්ලිමේන්තුව සභා ගැබේ සිදු වූ සිදුවීම් පිළිබඳව වර්තමාන රජයේ කැබිනට් ප්‍රකාශකවරයා කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් කතානායකවරයාගේ පැහැදිලි කිරීමක් අවශ්‍ය බවය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...