නිශ්මං රණසිංහ පෙබරවාරි 16, කොළඹ LNW:
අබුඩාබි හී පැවති 2026 මාස්ටර්ස් ගේම් සමඟ සම්බන්ධ වූ ශ්‍රී ලංකා බැඩිමින්ටන් කණ්ඩායම රන් පදක්කම් 9 ක්,රිදී පදක්කම් 9 ක් සහ ලෝකඩ පදක්කම් 7 ක් දිනා ගන්නට සමත් වුණා.සමස්ත පදක්කම් ප්‍රමාණය 25 ක් වූ අස්වැන්නෙන් රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක අයිතිය තමා සතු කර ගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩා කණ්ඩායමේ වඩාත් පලදායී ක්‍රීඩිකාව වන්නට නදීශා ගයන්ති ට හැකියාව ලැබුණා.

මෙම මාස්ටර්ස් තරගාවලියට බැඩ්මින්ටන් ක්‍රීඩාවට අමතරව,ක්‍රිකට්,පාපන්දු,තුරග තරග,අයිස් හොකී වැනි විශාල ක්‍රීඩා ගණනාවක් ඇතුළත්ව තිබුණා.පෙබරවාරි 6 වන දා සිට පෙබරවාරි 15 දක්වා පැවති කරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් දිනා ගත් රන් පදක්කම් 9,රිදී පදක්කම් 9 සහ ලෝකඩ පදක්කම් 7 පහත අයුරෙන් බෙදී ගියා.

නිලූක කරුණාරත්න – 35 ඉහළ පිරිමි
නදීෂා ගයන්ති – 40 ඉහළ කාන්තා
නදීෂා ගයන්ති සහ අමිර්තා කුට්ටික්‍රිශ්නන් (එක්සත් අරාබි එමීර්) – 40 න් ඉහළ කාන්තා
ලක්ෂ්මි පුංචිහේවා සහ එනෝකා ජයලත් – 65 ට ඉහළ කාන්තා යුගල
කෞෂලි දිසානායක – 55 න් ඉහළ කාන්තා
කෞෂලි දිසානායක සහ ශ්‍රියානි විදානලාගේ – 55 ට ඉහළ කාන්තා යුගල
මංජුල සම්පත් සහ උනන් රහ්මත්- 50 ඉහළ පිරිමි යුගල
රේණු චන්ද්‍රිකා සහ උනන් රහ්මත් – 50 ඉහළ මිශ්‍ර යුගල
බ්රූනි බින් – 70 ට ඉහළ පිරිමි
රිදී පදක්කම්ලාභින්
නදීෂා ගයන්ති සහ මංජුල සම්පත් – 40 ඉහළ මිශ්‍ර යුගල
රොහාන් ඩි සිල්වා & බ්රූනි බින් – 70 ඉහල පිරිමි යුගල
ක්ලැරන්ස් හෝමර් සහ කොස්ට්‍රෝවා – 55 ඉහළ මිශ්‍ර යුගල
චිත්‍රා කුමාරි – 55 ඉහළ කාන්තා ඒකල
චිත්‍රා කුමාරි සහ ප්හෙත් – 55 ඉහළ කාන්තා යුගල
ලක්ෂ්මි පුංචිහේවා- 65 ඉහළ කාන්ත
රන්දික පීරිස් සහ රොමේෂ් සමරනායක– 45 ට වැඩි පිරිමි යුගල
නිශාන්ත ජයමාන සහ රුඩියන්ටෝ – 50 ට ඉහළ පිරිමි යුගල
ක්ලැරස්න් හෝමර් සහ උපේන්ද්‍ර ජයවර්ධන – 55 ඉහළ පිරිමි යුගල
ලෝකඩ පදක්කම්ලාභින්
ලක්ෂ්මි පුංචිහේවා සහ එනෝකා ජයලත්- 60 ඉහළ කාන්තා යුගල
රොහාන් ද සිල්වා සහ එනෝකා ජයලත් – 65 ඉහළ මිශ්‍ර යුගල
රේණු චන්ද්‍රිකා – 50 ඉහළ කාන්තා ඒකල
රොමේෂ් සමරනායක – 50 ඉහළ පිරිමි ඒකල
චරිත් හරිඳු – 35 ට වැඩි පිරිමි ඒකල
රේණු චන්ද්‍රිකා සහ තුෂාරි බ්‍රහ්මණගේ – 50 ඉහළ කාන්තා යුගල








