රංජන් නිදහස් කිරීමට නම් ඉටු කළයුතු කොන්දේසිය අධිකරණ ඇමති කියයි

Date:

කොන්දේසියකට යටත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව නිදහස් කිරීමට අදාළ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

“මේ දඬුවම ලබාදීම දේශපාලන කාරණයක් සම්බන්ධව නෙවෙයි. සාමාන්‍ය සිද්ධියක්, අපරාධයක් සම්බන්ධවත් නෙවෙයි. මේ දඬුවම ලබාදීලා තියෙන්නෙ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව. ඒ නිසා මෙවැනි කාරණයකදී එක පැත්තකින් ඔහු දීර්ඝ කාලයක් දඬුවම විඳලා තියෙන නිසාත්, ඔහු හොඳ කල්ක්‍රියාවෙන් සිටින නිසාත්, ඔහු සමාජයට යම්කිසි දායකත්වයක් ලබාදෙන්න පුළුවන් කෙනෙක් නිසාත් අපි විශ්වාස කරනවා ඔහුට මේ අවස්ථාවේදී සමාවක් ලබාදීම ඉතාම සාධාරණයි කියලා. හැබැයි ඒ දෙය අපි කරන්න ඕනෙ අපේ අධිකරණය කිසිම ආකාරයකින් අවතක්සේරු නොවෙන විදියට. ඒක නිසා ඔහු අධිකරණය ගැන කරපු ප්‍රකාශය ගැන කණගාටුව පළකරලා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට දුන්නාට පස්සෙ ජනාධිපතිතුමා ඒ සමාව දීම සුදුසුයි කියන මතයේ තමයි අපි ඉන්නෙ”

විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...