මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්!

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළේය.

අදාළ ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් නොවන බවත්, මෙම ඛේදවාචකය හුදකලා සිදුවීමක් මිස ජාතික ආරක්ෂාවට එල්ල වූ තර්ජනයක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරයි.

වගකිවයුතු රජයක් ලෙස සියලු පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන බව පවසන ඔහු, දේශපාලනඥයන් සතු අවි ආයුධ සහ පාතාලයට අවි ලැබීම පිළිබඳව ද අදහස් දක්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත ශෝකය පළ කරන අතරම, පවතින ඝාතන සංස්කෘතිය දැඩි ලෙස හෙළා දකින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ රටේ කිසිවෙකුගේ ජීවිත, අපි අවතක්සේරු කරන්නේ නෑ. කිසිවෙකු කිසිවෙකු අතින් මියයෑම අපි අනුමත කරන්නේ නෑ. සියලුදෙනාගේ ජීවිත ආරක්ෂා කරන්න අපි රජයක් විදියට කැපවෙනවා. ඒ සඳහා තීන්දු තීරණ රාශියක් රජය බලයට පත්වූ දා සිට, අරන් තියෙනවා. සමාජයේ සැරිසරන විශාල අවි ආයුධ ප්‍රමාණයක් තියෙනවා. පහුගිය කාලයේ දේශපාලනඥයින්ට දුන්න අවි ආයුධ තවම භාරදීලා නෑ. මෙවැනි තත්ත්වයක් තුළ තමා කටයුතු කරමින් යන්නේ. සමහර ආයුධ හමුදා කඳවුරුවලින් පාතාලයට ලබාදුන්න අවි ආයුධ ගැන විමර්ශන සිදුවෙන පරිසරයක් තුළ තමා මෙවැනි ඝාතන සිදුවන්නේ. ඝාතන සංස්කෘතිය අපි හෙළා දකිනවා. ඒ වගේම නැවත නැවතත් අපි කනගාටුව ප්‍රකාශ කරනවා." ලෙස අමාත්‍යවරයා පැවසිය.