රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා වන කාලසීමාව දීර්ඝ කර ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා නිවේදනය කරයි.
මීට පෙර ඉදිරිපත් වූ යෝජනා ඇතුළත් කරමින් යාවත්කාලීන කළ අවසන් කෙටුම්පත පිළිබඳව නැවත වරක් විමර්ශනය කිරීමට මෙහිදී ජනතාවට අවස්ථාව උදා වේ.
ඒ අනුව, උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තම අදහස් ඉදිරිපත් කිරීමට එළඹෙන 19 වන දින දක්වා කල් ලබා දී ඇත.
අදාළ සම්පූර්ණ ලේඛනය බලශක්ති අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඕනෑම අයෙකුට පරිශීලනය කළ හැකිය.
විනිවිදභාවයකින් යුත් විදුලිබල සැලැස්මක් සකස් කිරීම සඳහා මහජන සහභාගීත්වය තවදුරටත් දිරිමත් කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම ක්‍රියාවලිය හරහා වඩාත් සාර්ථක හා ප්‍රායෝගික ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට රජය අපේක්ෂා කරයි.


