ඉරාන වෙළඳපොළට හමුදා හෙලිකොප්ටරය කඩා වැටීමෙන් නියමුවන් දෙදෙනෙකු සහ වෙළඳුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් පළාතේ ඩෝර්චේ නගරයේ පලතුරු වෙළඳපොළකට හමුදා හෙලිකොප්ටරයක් ​​කඩා වැටීමෙන් හමුදා නියමුවන් දෙදෙනෙකු සහ වෙළඳුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් ලෙස විශ්වාස කරන අතර හමුදා ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, මියගිය සොල්දාදුවන් නියමුවා කර්නල් හමීඩ් සර්වාසද් සහ ඔහුගේ සහය නියමු මේජර් මොජ්තාබා කියානි ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය විසින් දශක ගණනාවක් තිස්සේ පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරානයට බොහෝ දුරට තම ගුවන් යානා මිලිටරි සහ සිවිල් යන දෙඅංශයෙන්ම වැඩිදියුණු කිරීමට නොහැකි වී ඇති අතර ඉරානය රුසියාවෙන් ප්‍රහාරක සහ පුහුණු ගුවන් යානා ග(Su-35) ජෙට් යානා මිලදී ගැනීමට උත්සාහ කර ඇතත්, මොස්කව් විසින් ඒවා තවමත් ලබා දී නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයේ අවි ප්‍රවාහන මාර්ග අවහිර කිරීමට ඇමෙරිකාවෙන් නව මෙහෙයුම් කණ්ඩායමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: මැදපෙරදිග කලාපයේ යුදමය...

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට; 125කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඊජිප්තුවේ කයිරෝ අගනුවරට...

සංවර්ධන නිලධාරීන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

සටහන - රුවන් නෙළුගොල්ල සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද...

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි – අද (09) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 09) දිනයේදී උතුරු සහ...