Home පුවත් අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී දේ..

අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කී දේ..

0
5

රෂිකා හෙන්නායක පෙබරවාරි 24, කොළඹ LNW :

අකුරේගොඩ ප්‍රදේශයේ වෙළඳසැල් පරිශ්‍රයකදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශනවල වත්මන් තත්ත්වය අද (24) දින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අතරතුර පැහැදිළි කිරීමක් කළේය.

සිද්ධිය වී දින කිහිපයක් ඇතුළත ප්‍රධාන තුවක්කුකරු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති අතර, විමර්ශන කටයුතු මේ වන විට සියයට 80ක් පමණ අවසන් වී ඇති බවද පැවසීය.

අත්අඩංගුවට ගත් පිරිසෙන් තිදෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන අතර අනෙක් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පැවසීය.

මෙම අපරාධයට සම්බන්ධ තවත් පිරිස් සොයා පොලිස් කණ්ඩායම් 12ක් ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේදී තවත් තොරතුරු අනාවරණය වනු ඇති බවත් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.