ලාෆ්ස් ගෑස් මිලත් අඩු කෙරේ !

Date:

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 6850ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5800 දක්වා අඩුකර ඇත.

එසේම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2320ක් දක්වා අඩුකර ඇති අතර කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක නව මිල රුපියල් 928ක් වේ.

ලාෆ්ස් සමාගමේ ගෑස් සැපයුම පසුගිය සමය තුළ විටින් විට අඩපණ වෙමින් පැවති අතර පෙරේදා (16) දිනයේදී එම සමාගමේ ගෑස් මෙට්‍රික් ටොන් 3120ක තොගයක් හම්බන්තොට වරායට පැමිණ තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇප ඉල්ලීමකදී උසාවියේ කරුණු සිද්ධ වෙන හැටි …

රනිල් වික්‍රමසිංහට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති නිසා,...

රනිල්ට එව්වේ නිල ආරාධනාවක්ද, නැද්ද ? – ආන්දෝලනය අදින් නිමවෙයි ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ වුල්වර්හැම්ටන් විශ්වවිද්‍යාලයෙන් එවන...

ජීවිතයේ ලිහුණ මැහුම් මහන ටේලර් ලංකාවට එරෙහි සිම්බාබ්වේ කඳවුරට

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: සිව් වසරකට පසුව අවුරුදු 40...

රනිත්මා ප්‍රංශයේදී අයර්ලන්තය අභිබවා යයි

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක සූරතා බැඩිමින්ටන්...