ලාෆ්ස් ගෑස් මිලත් අඩු කෙරේ !

Date:

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අඩුකිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 6850ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5800 දක්වා අඩුකර ඇත.

එසේම කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2320ක් දක්වා අඩුකර ඇති අතර කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක නව මිල රුපියල් 928ක් වේ.

ලාෆ්ස් සමාගමේ ගෑස් සැපයුම පසුගිය සමය තුළ විටින් විට අඩපණ වෙමින් පැවති අතර පෙරේදා (16) දිනයේදී එම සමාගමේ ගෑස් මෙට්‍රික් ටොන් 3120ක තොගයක් හම්බන්තොට වරායට පැමිණ තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...