*
Friday, September 20, 2024
spot_img

Latest Posts

රටට ඩොලර් ඒක්ක ගමේ කෙල්ලන්ට හැදෙන රගර් පාර

රට ඩොලර් හිඟවීම නිසා දැඩි ආර්ථික අර්බූදයකට මුහුණ දී තිබෙන මොහොතක ඩොලර් රටට ලබා ගත හැකි ව්‍යාපෘතියක් විදිහටත් රටේ කාන්තා රගර් ක්‍රීඩාවේ ප්‍රමිතිය සහ සහභාගීත්වය ගුණාත්මකව ඉහළට එසවීමටත් අවස්ථාක් උදා වී ඇති බව කථිකාචාර්ය සමන්තා නානානයක්කාර පවසනවා.ඇය මේ බව පැවසුවේ ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානයක් වන CHILDFUND RUGBYසහ ශ්‍රී ලංකා රග්බි අතර ඇති කරගත් ඒකඟතාවයක් මත ශ්‍රී ලංකාවේ කාන්තා රගර් බිම් මට්ටමේ සිට ප්‍රචලිත කිරිමට ක්‍රියාත්මක වැඩ සටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
උතරු පළාත හැරෙන්නට ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් නියෝජනය කරමින් ක්‍රීඩා නිලධාරිවරු හෝ ශාරිරික අභ්‍යාස ගුරුවරු කැඳවා ඔවුන්ට ගමේ කාන්තා රගර් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට සහ පුහුණු කිරීමට අවශ්‍යය දැණුම සම්පාදනය කරන වැඩ සටහනක් සූදානම් කර තිබෙනවා. CHILDFUND RUGBY මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා රග්බි දායකත්වය හිමිව ඇති මේ වැඩ සටහනට මේ වන ඉහත සඳහන් කළ සුදුසුකම් පදනම් කරගෙන 25 දෙනෙක් තෝරාගෙන ඇති අතර ඔවුන් සඳහා වන වැඩ මුළුව මේ මස 20 සහ 21 යන සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී කොළඹ 3 (කොල්ලුපිටිය) මැන්ඩරිනා හෝටලයේදි පැවත්වෙනවා.
කාන්තා රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සහ රග්බි ක්‍රීඩාවේ නියැලී සිටින කාන්තාවන් අතර නායකත්වය වර්ධනය කිරීම ද මෙහි අරමුණු අතරට ඒකතු වෙන අතර වැඩ මුළුව සඳහා ප්‍රධාන ආරාධිතයින් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අමල් හර්ෂ ද සිල්වා සහ ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්ලි ඉල්ලියාස් වෙත ඇරයුම් කර තිබෙනවා.මෙම විධායක සාමාජික ආචාර්ය සමන්තා නානායක්කාර ගේ මඟ පෙන්විම යටතේ හිටපු රගර් නායිකාවක වන සුජානි රත්නායක සහ හරිනි ජයමහ ද මෙම කටයුත් සාර්ථක කර ගැනීම සඳහා සිය දායකත්වය දක්වනවා.
යෞවනයන්ට වේගයෙන් වෙනස් වන පරිසරයක් තුළ ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය කුසලතා ප්‍රගුණ කිරීමට උපකාරී වන අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීමට සහ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ගෝලීය උත්සාහයන්ට සහාය වීමේ අරමුණ ඇතිව ආරම්භ වි තිබෙන Child Fund Rugby සහයෝගය ශ්‍රී ලංකාවට හිමිව තිබීම වැදගත් අවස්ථාවක් වන අතර ඒයින් ශ්‍රී ලංකාවේ කාන්තා රග්බි ක්‍රීඩාව බිම් මට්ටමේ සිට ජනතාවට දැඬිව සමීප වනු ඇති බව විශ්වාස කළ හැකියි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan