සටහන – රුවන් නෙළුගොල්ල
ඉන්ධන මිල වැඩි කිරීමේදී නව මිල ගණන් තීරණය කර ඇත්තේ අනාගතය ගැන සිතා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පවසයි.
“ඔය තෙල් මිල වැඩිවීම වුණත් තියෙන්නෙ, තව ඉස්සරහට අනාගතය ගැන හිතලා තමයි ඒ මිල තීරණය කරලා තියෙන්නෙ. වැඩිවෙච්ච මුදලින් එක සත පහක්වත් කාගෙවත් තැනකට කාගෙවත් සාක්කුවකට යන්නෙ නෑ. ඉස්සර වුණේ ඒක නෙවෙයි. මීට කලින් ආණ්ඩුවල තිබිච්ච තෙල් මිලට තවම ඇවිත් නෑ අපි. තවම අඩු මිලක ඉන්නේ”
ලක්ෂ්මන් නිපුන ආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


