මතකය මට කියන්නේ කුමක්ද ?

ලිස්සා වැටෙයි හිමිදිර…
නතරවෙයි අතපය…
ගොළුව යයි කට හඬ…
මම.

මතකය මට කියන්නේ කුමක්ද?

අඛන්ඩය හිම පතනය
ඇද හැලෙයි
හිම රොද රොද
නළලත
දෙ ඇස් මත
කොපුලත
සවන් මත
මතකය මත.

මතකය මට කියන්නේ කුමක්ද?

නේන්නේවද ඉර
එළි විය යුතු දවසකට
යා වෙයි හිමින් තප්පර
ගෙවෙන හැම මොහොත
මහිම පියලි දස දහස
හැම සජීවී සෛලය
හිමායිත මුදු
ඇවිලෙයි මතක උණුහුම.

මතකය මට කියන්නේ කුමක්ද?

රහස් සඟවන
චෛත්‍යය පාරෙහි
දෙ ඇස් අඳ
ප්‍රදීපාගාරය ළඟ
ගෙහෙන්නා පායෙහි
සිවුවැනි මහල කවුළුව
ඇරී විසිවෙන
කෙසඟ මිනිසා
නැඟිටියි,
මේ මෙතැන
හිම මත
මම.

මතකය මට කියන්නේ කුමක්ද?

කෝ
නෝට් පොත
කාබන් පෑන
ඩිජිටල් කැමරාව
බඳ පටිය
කමිස බොත්තං
දෙමළ පත්තර මිතුරා
එ ඇස් මුමුනන බැල් ම
මතකය.

මතකය මට කියන්නේ කුමක්ද?

නා පොළොං මාපිල්
ලුහුබැඳන් එන
හිමිදිර
ලිස්සා වැටෙයි
හිම මත
කොළඹ මහ පාරක
පේමන්ටුවක් මත,
අඛණ්ඩය
හිම පතනය
නතරවෙයි අතපය…
ගොළුව යයි කට හඬ…
මම.

මතකය මට කියන්නේ කුමක්ද?

~ මංජුල වෙඩිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සෞඛ්‍ය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : පවතින ගැටලුවලට කඩිනම්...

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...