ආර්ථිකය 5%කින් වර්ධනය වෙයි !

පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%කින් වර්ධනය වී තිබෙනවා. මේ අනුව, ඇතැම් අයගේ දිත්වා හානිය පිළිබඳ අධි තක්සේරු මෙන්ම, රජයේ ප්‍රාග්ධන වියදම් අඩු වීමේ බලපෑම පිළිබඳ මිථ්‍යාවන්ද බිඳ වැටී තිබෙනවා.

පෙර (2024) වසර තුළද ශ්‍රී ලංකා ආර්ථිකය 5.0%ක වේගයකින් වර්ධනය වුනා. කෙසේ වුවද, දිත්වා හානිය මෙන් නොව, ඉරාන යුද්ධය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කරමින් තිබෙනවා. ඒ නිසා, මේ (2026) වසරේදී ආර්ථික වර්ධනය පවත්වා ගැනීම අභියෝගයක්.

දිත්වා බලපෑම නිරූපණය වූ සිවුවන කාර්තුව තුළද ආර්ථිකය 4.8%කින් වර්ධනය වී තිබෙනවා. දළ දේශීය අවධමනකය මත පදනම් වූ වාර්ෂික උද්ධමනය 3.6% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව නාමික දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751 දක්වා 8.7%කින් වර්ධනය වී තිබෙනවා. රටේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,909 දක්වා ඉහළ ගොස් ඇති අතර එය ඉතිහාසයේ ඉහළම අගයයි. එමෙන්ම, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, ඉතිහාසයේ ප්‍රථම වරට, ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...