රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ LNW :
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතකයක් වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට වසර තිහක් සපිරීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට සහභාගී වූ **ලෝක ශූර කණ්ඩායමේ ක්‍රීඩකයින්**, පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන්ගේ සුබසාධනය උදෙසා අත්වැල් බැඳගත්හ.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම සහ ඉන්දිරා පිළිකා භාරය ඇතුළු තවත් ස්වේච්ඡා සංවිධාන කිහිපයක් අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය හරහා ළමා පිළිකා මර්ධනය සහ රෝගී දරුවන්ගේ සිහින සැබෑ කිරීම සඳහා මූල්‍ය හා මානුෂීය ආධාර සැපයීමට බලාපොරොත්තු වේ.
ඒ අනුව, ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ මැදිහත්වීමෙන් ක්‍රීඩාව සහ සමාජ සත්කාරය යන අංශ දෙකම මෙහිදී එකට යා කෙරිණි.












