ඉන්ධන QR ගැටලු විසඳීමට නව WhatsApp සේවාවක්

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ LNW :

ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා භාවිත කරන QR පද්ධතියේ ගැටලු පවතින පුද්ගලයින් වෙනුවෙන් නව WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත.

පාරිභෝගිකයන්ට තම පැමිණිලි 076 000 1919 යන අංකය හරහා යොමු කළ හැකි බව බලධාරීන් ප්‍රකාශ කරයි. මෙහිදී වාහන අංකය, ආදායම් බලපත්‍රය සහ ලියාපදිංචි සහතිකයේ පැහැදිලි ඡායාරූප ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

මීට අමතරව, අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක් ද අවශ්‍ය වේ. මෙම පහසුකම තවදුරටත් පුළුල් කිරීම සඳහා අමතර දුරකතන අංක කිහිපයක් හඳුන්වා දීමට ද රජය සැලසුම් කර ඇත. ඒ අනුව, https://gic.gov.lk/complain-registration.html මේ හරහා ඔබට නව WhatsApp අංකයක වෙත යොමු විය හැක.

මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරනු පිණිස අදාළ වෙබ් අඩවිය ඔස්සේ ද අවශ්‍ය සහාය ලබාගත හැකිය.