නිශ්මං රණසිංහ ,මාර්තු 18, කොළඹ LNW:
මැක්ලරන්ස් කණ්ඩායම සහ HNB ඇෂුවරන්ස් කණ්ඩායම් සිය අවසන් පූර්ව වටය ජයග්‍රහණය කරමින් 6 වන MCA – FAIRFIRST F Division 20 OVER ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ.ඔවුන් ඒ අනුව මාර්තු 20 වන දා පස්වරු 6.30 ට දිවා රාත්‍රී තරගයක් ලෙස කොළම සීසීසී පිටියේදී ඇරඹෙන අවසන් මහා තරගයේ දී මුණ ගැසීමට නියමිතය.
ෂෙහාන් සඳරුවන් කඩුලු 5ක් [5/11] සමඟින් පන්දු 15කදී නොදැවී ලකුණු 31ක් [1×4 සහ 3×6] ලබා ගනිමින් මාස් ඇක්ටිව් බියගම කණ්ඩායමට එරෙහිව,මැක්ලරන්ස් කණ්ඩායමට කඩුලු තුනක ජයග්‍රහණයක් ලබා ගැනීමට මූලිකත්වය ගත්තේය. ඊට අමතරව, ලහිරු අමරසේකර සහ අසංක රණසිංහ කඩුලු 2 බැගින් දවා ගනිමින් MAS Active කණ්ඩායම ලකුණු 102කට සීමා කළහ.එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 19.1 දී හඹා යමින් කඩුලු 7 ක් දැවී ලකුණු 103 ක් ලබා ගන්නට මැක්ලරන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
මාස් ඇක්ටිව් බියගම ඕවර 19.1 කදී 102/10 [බිනර සංකේත 35, සරිඳු ගිම්හාන 17, ත්‍රිඳු ද සිල්වා 17; ෂෙහාන් සඳරුවන් 5-11, ලහිරු අමරසේකර 2-20, අසංක රණසිංහ 2-16]
මැක්ලරන්ස් කණ්ඩායම ඕවර 19 කදී 103/7 [ඊතන් රන්සිලිගේ 29, අසංක රණසිංහ 19, ෂෙහාන් සඳරුවන් 31; ගීත් සංකල්ප 2-14, රවිඳු ලක්ෂාන් 1-18, සරිඳු ගිම්හාන 2-20, ඩිලාන් රණතුංග 1-24]
HNB ඇෂුවරන්ස් පන්දු යවන්නෝ ඔවුන්ගේ ලකුණු 158 ආරක්ෂා කර ගනිමින් ප්‍රතිවාදී ඇන්සල් ලංකා කණ්ඩායම ලකුණු 130 සීමා කළහ. ඒ අනුව HNB ඇෂුවරන්ස් කණ්ඩායම ලකුණු 28 ක ජයක් ලබා ගනිමින් MCA – FAIRFIRST F Division 20 OVER ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. ඇන්සල් ලංකා පිලේ කවීෂ සම්පත් සහ චතුරන් සංජීව කඩුලු ත්‍රිත්වය බැඟීන් ලබා ගත් නමුත් HNB ඇෂුවරන්ස් කණ්ඩායම ලකුණු 158 ක් කරා යාම නවතාලීමට නොහැකි විය.
HNB ඇෂුවරන්ස් ඕවර 20 කදී 158/9 [අභිෂේක් ජයවීර 27, ලහිරු සත්ප්‍රිය 18, පසිඳු පැතුම් 26, දුලාංජන විජේසිංහ 28, තාරික් නසියාර් 13, තරිඳු ගමගේ 16; දේශාන් සිල්වා 1-30, කවීෂ සම්පත් 3-38, සංජීව පීරිස් 2-31, චතුර සංජීව 3-35]
ඇන්සල් ලංකා ඕවර 20 කදී 130/7 [සහන් හර්ෂණ 25, දේශාන් සිල්වා 10, සජීව දේශප්‍රිය 20, චමිල් ජයරංග 17, චතුර සංජීව 18, සංජීව පීරිස් 16; පසිඳු පැතුම් 2-25, තාකීර් නසියාර් 2-26, ඉසුරු සම්පත් 1-16, දුලාංජන විජේසිංහ 1-19, දසිස් මංචනායක 1-22]



