සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ පවතින උග්‍ර මානුෂීය අර්බුදය සහ ඉරානයට එරෙහිව ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීම් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායලයට එරෙහිව දැඩි ආර්ථික සහ රාජ්‍ය තාන්ත්‍රික පියවර ගත යුතු බවට ස්වීඩයේ වත්මන් අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන්ගේ රජය ප්‍රකාශ කර ඇත.
ස්වීඩනය විසින් මූලික වශයෙන්ම යෝජනා කර ඇත්තේ යුරෝපා සංගමය සහ ඊශ්‍රායලය අතර පවතින වෙළඳ ගිවිසුම් (EU-Israel Association Agreement) අත්හිටුවීමට හෝ ඒවා පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.
ඊශ්‍රායලය ජාත්‍යන්තර ආයතනවලින් සම්පූර්ණයෙන්ම නෙරපා හැරීම සම්බන්ධයෙන් නිල තීන්දුවක් ගෙන නොමැති වුවද, යුරෝපා කලාපය තුළ ඊශ්‍රායලය දේශපාලනිකව හුදකලා කිරීමට (Isolate) ස්වීඩනය පෙරමුණ ගෙන ඔවුන් ක්‍රියා කරයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය (ICC) සහ ජාත්‍යන්තර අධිකරණය (ICJ) මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය බැඳී සිටින බව අවධාරණය කරන ස්වීඩනය, එම නියෝග කඩ කරන්නේ නම් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ඊශ්‍රායලය මත පනවන පීඩනය තවදුරටත් දැඩි කළ යුතු බව පෙන්වා දෙයි.



