යුධගිනිදැල් මැද අඳුරු වූ ඊද් සැමරුම්….

රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මැදපෙරදිග කලාපය පුරා පවතින යුද්ධය සහ දරුණු ආර්ථික අර්බුද හේතුවෙන් මෙවර ඊද් උත්සවයේ සිරියාව මැකී ගොස් ඇති ආකාරය ඉතා ශෝක ජනක බව විදෙස් මාධ්‍ය පෙම්වා දෙයි.

විශේෂයෙන් ලෙබනනය, ගාසා තීරය සහ ඉරානය වැනි රටවල ජනතාව නිරන්තර ප්‍රහාර හමුවේ උන්හිටිතැන් අහිමිව අවතැන් වී සිටින අයුරු දැක්වේ.

දිනෙන් දින ඉහළ යන ජීවන වියදම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසා සාම්ප්‍රදායික උත්සව සැමරුම් පැවැත්වීමට ඔවුන්ට නොහැකි වී ඇත.

ජීවිතය බේරාගැනීමේ අරගලයක යෙදී සිටින මෙම ජනතාවට ආගමික උත්සවයක සතුට විඳිනවාට වඩා ආරක්ෂිත නවාතැනක් සහ ආහාර සොයා ගැනීම ප්‍රමුඛතාවක් වී තිබේ.

කෙසේ වෙතත්, මෙවැනි දුෂ්කර කාලයකදී පවා ඇතැම් පිරිස් පවුලේ සහයෝගීතාවය තුළින් මානසික ශක්තිය ගොඩනගා ගැනීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.