අත්හැරපු අත් ආයෙම, අල්ලගන්නට යුතුද ? අයුතුද ?

“මෙහෙත් හරි වැස්ස!”
මතකයක් අකුණු ඉරි අඳින’තර
ගිඩිගිඩියෙ හෙන ගහන්නැහෙ හද ගැහෙනවා
“ඔහෙත් හෙම වෙන්ටැ?”
නොම අසමි, වෙමි නිස්සද්ද
මල් පිපෙන වසන්තෙද දන්නෙ නෑ – මං හිතනවා

ආපහු එන්න හිත නැති
ආවත් යන්න හිත නැති
දෙමංසල මැද මත් සිහින මුල් අදිනවා
කහ ගැහුණු දිනපොත් ඇති
කවිත් ඒ පිටුවල ඇති
විරිත් ගිලිහී අකුරු පොදි බිම වැටෙනවා

මම කියන්නේ මටමද?
නැතිනම් වෙනින් කාටද?
සිහින් රිදුමක් ලපැත්තට කටු අනිනවා
අත් හැරපු අත් ආයෙම,
අල්ලගන්නට යුතුද? අයුතුද?
අත්හැරීමම අත්ලතට ගුලිකරනවා

අළුත් කවියක් අතේ නැතුවම
මහබිනික්මන් කරනවා…

~ යශෝධා සම්මානි ප්‍රේමරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...