තෙල් අර්බුධය මැද වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අර්බුධයකුත් ඇවිල්ලා. රජය කඩිනම් විසඳුම් ලබාදෙන්න – විපක්ෂ නායක සජිත්

මාස් කන්නයෙ හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරන බවත් ඉදිරි යල කන්නයේ පවා හෙක්ටයාර ලක්ෂ 5ක් වගා කටයුතු සිදු කර බවත් හෙක්ටයාර පන්ලක්ෂ පනස්දහසක් වී වගා කළත් ජලය හිගතාව තුළ ලක්ෂ 5ට අඩුවන බවට පුරෝකථනය කරන බවත් මේ අවස්ථාවේ රජය යුරියා හිගයක් නැති බවත් මෙට්‍රික් ටොන් ලක්ෂක් ඇති බවත් එය ප්‍රමාණවත් යැයි රජය කිව්වත් ප්‍රමාණයටත් වඩා යූරියා අප රටේ භාවිත වන නිසා අවම වශයෙක් හෙක්ටයාර ලක්ෂ 5ක් සඳහා යූරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ අමතර 10000ක්ද බඩඉරිගු වගාව සඳහා මෙට්‍රික් ටොන් 15000ක් තේ වගාවට මෙට්‍රික් ටොන් 25000ක් පමණ අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් මේ මොහොත වන විට ඉදිරි වගා කටයුතු සදහා මෙට්‍රික්ටොන් 150000ක් පමණ යුරියා අවශ්‍ය බවත් රජය පොහොර හිගයක් නැති බව කිව්වත් බරපතල පොහොර හිගයක් රටේ ඇති බවත් ගොවි ජනතාව ආදී සෑම කෘෂිකාර්මික කටයුත්තක නිරත වන ජනතාව පෙන්වා දෙන පරිදි සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජනතාව මේ බරපතල ගැටලුවට මුහුණ දෙන බවත් ඊට අමතරව අස්වනු කැපීමට අවශ්‍ය ඉන්ධන පවා නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මෙරට ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පොහොර හිගය පියවන්න විපක්ෂ නායකවරයාගෙන් යෝජනා කිහිපයක්

ඊට අමතරව ඊළඟ කන්නයට ජලය නිකුත් කරන්න දින තීරණය කළත් අවශ්‍ය බිත්තර වී නොමැති බවත් මේ තත්ත්වය මත අප රටට පොහොර ගෙන්වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් මේ සඳහා කරුණු කිහිපයක් යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එනම්,

  • ලෝකයේ පොහොර මිල මෙට්‍රික් ටොන් එකක මිල ඩොල් 400 සිට 700 දක්වා වැඩිව ඇති මොහොතක අප රටේ පොහොර මිටියක මිල රු. 9500 සිට රු. 15000 දක්වා 17000 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති නිසා රජය පොහොර සහනාධාරය සඳහා ලබා දෙන මුදල වැඩි කළ යුතු ය.
  • අප රටට අවශ්‍ය යූරියා පොහොර ටික ගෙන්වීමට කටයුතු කළ යුතුය. ඉරානය පොහොර නිෂ්පාදනය නතර කර ඇති නිසා ඔ්මාන් කටාර් ආදී රටවල් ද පොහොර ප්‍රවාහනය යුදමය තත්ත්වය නිසා නවතා ඇති බවත් මේ අතර රක්ෂණ ගාස්තු වැඩිවීම නිසා ප්‍රවාහන ගාස්තු පවා වැඩිව ඇති බැවින් පොහොර හිගයක් නිර්මාණය විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. චීනය පවා පොහොර අපනයනය තහනම් කිරිමත් ඉන්දියාවේ පොහොර ඒ රටවලට පවා ප්‍රමාණවත් නොවීම වැනි විවිධ තත්ත්වයන් තුළ රාජ්‍ය හා රාජ්‍ය අතර විශේෂ එකගතාවලට ලංකාවට එළැඹිය යුතු බවත් ඒ හරහා යුරියා ලබා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.
  • පොහොර ගැටලුව ගැන නිසි වැඩපිළිවෙළක් ආරම්භ කර පවතින පොහොර ජනතාවට ලබා දෙන විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය.
  • ගොවියාට අවශ්‍ය ඉන්ධන ටික නොලැබුණහොත් උපකරණ භාවිත කළ නොහැකි බවත් මේ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලු රැසක් තිබුණත් රජයෙන් කඩිනම් උත්තර නොමැති වීම දැවැන්ත ගැටලුවක් බවත් මේ නිසා කලුකඩ මාෆියාව පවා මතුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • නැව් ගාස්තු රක්ෂණ ගාස්තු වැඩිවී නිසා පොහොර හිගයක් ඇතිවීම නිසා රුසියාව වියට්නාමය ඉන්දුනීසියාව චීනය වැනි රටවල් සමග සාකච්ඡා කර පොහොර හිගයට විසදුමක් ලෙස පොහොර ලබා ගෙන ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
  • තවමත් වී විකුණන්නේ අඩු මිලට බවත් ගොවියාට ලැබිය යුතු ස්ථාවර මිල නොලැබෙන බවත් ගොවියාට සාධාරණයක් ඉටු කිරිමට වී සදහා ස්ථාවර මිලක් අවශ්‍ය බවත් ජනතාවට බොරු සපයන්නේ නැතිව මේ ගැටලුවලට රජය වහාම විසදුම් සැපයිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා මැතිවරණ සමයේ ගොවියා බොරු කියා රැවටූ නමුත් දැන්වත් ගොවියාගේ ගැටලුවලට රජය විසදුම් දිය යුතු බවත් තවදුරටත් ගොවියා රවටන්නේ නැතිව මේ ගැටලු කෙරෙහි දැඩි අවධානය යොමු කර පිළිතුරු සැපයිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.