ශිෂ්‍ය ණය කපාහැරීමට ජෝ බයිඩන් තීරණය කරයි

Date:

අධ්‍යාපනය සඳහා ඇමරිකානුවන් ලබාගෙන ඇති ණය කපා හැරීමට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා. මෙම තීරණය අනුව අධ්‍යාපන කටයුතු සඳහා ලබාගෙන ඇති ණය ඇමරිකානු ඩොලර් 10,000 කින් කපා දැමෙනු ඇත.

මීට අමතරව දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක්ව සිටින සිසුන්ට ලබා දී ඇති ණය ඩොලර් 20,000 කින් අවම වනු ඇත. ඒ සඳහා සලකා බැලෙන වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් 125,000 කි.

මෙම තීරණය හේතුවෙන් ණය කන්දකට සිර වී සිටින ඇමරිකානුවන්ට යම් සහනයක් ලැබෙනු ඇති බවයි බයිඩන් ජනාධිපතිවරයා පවසන්නේ.

ඇමරිකානු රජයේ ඇස්තමේන්තුවලට අනුව ඇමරිකානුවන් මිලියන 43 කට වැඩි පිරිසක් අධ්‍යාපනය වෙනුවෙන් ලබාගෙන ඇති සමස්ත ණය මුදල ඩොලර් ට්‍රිලියන 1.6 ඉක්මවයි. මෙම මිලියන 43 න් 20% ක පමණ සිසුන් පිරිසක් ඩොලර් 10,000 බැගින් හෝ ඊට අඩු මුදලක් ලබාගෙන තිබේ.

ඇමරිකාව ඇතුළු සංවර්ධිත රටවල සිසුන්ට අධ්‍යාපනය ලැබීම සඳහා රජයෙන් ණය ලබා ගත හැකි අතර රැකියාව කරන අතරතුර වාරික වශයෙන් ණය ගෙවීමේ හැකියාව පවතී.

ජෝ බයිඩන් ජනාධිපතිවරණයේදී ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් අනුව මෙම ණය කපා හැරීම සිදුවන අතර ඉදිරියේදී පැවැත්වෙන කොන්ග්‍රස් මණ්ඩලයට අපේක්ෂකයන් තෝරා ගැනීමේ මැතිවරණයේදී ඩිමොක්‍ර‌ටික් පක්ෂයට අමතරව වාසියක් වනු ඇත.

කෙසේ නමුත් ඇමරිකානු සිසුන් පවසන්නේ මෙම සහනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. පවතින උද්ධමනය හමුවේ තමන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටින බැවින් ශිෂ්‍ය ණය සම්පූර්ණයෙන් කපා දමන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ ගෝලීය ජායාරූප සන්නිවේදනය ශ්‍රී ලාංකීය අත්දැකීම් ඇසුරෙන් කෘතිය ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ප්‍රවීණ...

නේපාල අගමැති ඔලි ඉල්ලා අස්වීම මධ්‍යයේ නේපාල තරුණයන් පර්ලිමේන්තුවට ගිනි තබයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දූෂණයට හා...

නාමල් ජනාධිපතිවෙන්න හදන්නේ අයිස්ලන්තේද?

කොළඹ LNW: 2029 නාමල් රාජපක්ෂ ජනාධිපතිවීමට සූදානම් වන්නේ අයිස්ලන්තේද?...