ඇමරිකා එක්සත් ජනපදය සති දෙක තුනකින් ඉරානයෙන් ඉවත්වන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට න්‍යෂ්ටික අවියක් ගොඩනගා ගත නොහැකි බවට තහවුරු වූ විට එක්සත් ජනපදය සති දෙක තුනකින් ඉරානයෙන් ඉවත්වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයා මේ බව ඊයේ(31)දිනයේදී ඕවල් කාර්යාලදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර තිබු අතර ජනාධිපතිවරා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ග සති දෙකක් හෝ තුනක් ඇතුළත අවසන් විය හැකි බවත් පසුගිය පෙබරවාරිමස 28 වන දින ඉරානයට එරෙහි ඊශ්‍රායල් යුද්ධයේ න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමේ ඉරානයේ හැකියාව සීමා කිරීමේ මූලික ඉලක්කය සපුරාගෙන ඇති බවත්,එක්සත් ජනපදය දැන් කාර්ය අවසන් කරමින් සිටින බවත් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මෙහිදී ඉන්ධන මිල ඉහළ යාම කෙරෙහි මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට උත්තර දෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන කර තිබුණේ, එක්සත් ජනපදය සිය හමුදා ක්‍රියාමාර්ග අවසන් කළ වහාම ඉන්ධන මිල පහත වැටෙනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...

සිරගත කෙරෙන භික්ෂූන් වෙනුවෙන් නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට පියවර – PMD

සිරගත වන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අදාළ නව නීතිමය රෙගුලාසි...