‘Metro Uplift’ ජාතික වැඩසටහන යළිත්…

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW :

රජය විසින් අලුතින් ආරම්භ කරන ලද ‘Metro Uplift’ ජාතික වැඩසටහන හරහා අඩු ආදායම්ලාභී නාගරික ජනතාවගේ ජීවන තත්ත්වය සහ සුබසාධනය නංවාලීමට අපේක්ෂා කෙරේ.

මෙහි සමාරම්භක පියවරක් ලෙස කොලොන්නාව ‘ලක්සඳ සෙවණ’ නිවාස සංකීර්ණය නවීකරණය කිරීම සඳහා විශාල මුදලක් වෙන් කර ඇති අතර, එහි යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් විදුලි සෝපාන අලුත්වැඩියාව, පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සහ පරිසර පද්ධති පවිත්‍ර කිරීම වැනි භෞතික සංවර්ධනයන් රැසක් සිදු කිරීමට නියමිතය.

ගොඩනැගිලි අලුත්වැඩියාවට අමතරව, පදිංචිකරුවන්ගේ කායික හා මානසික සුවතාවය ඉහළ නැංවීම සඳහා සමාජ සජීවීකරණ වැඩසටහන් ද මෙයට ඇතුළත් වේ.

මෙම වැඩපිළිවෙළ මඟින් මෙරට නාගරික නිවාස පද්ධති තුළ ආරක්ෂිත සහ සුවපහසු ජීවන වටපිටාවක් නිර්මාණය කිරීම රජයේ මූලික අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ...

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...