IMF ගිවිසුම නිසා 2028 වෙනකල් අපිට බදු මුදල්වලින් ජනතාවට සහන දෙන්න බෑ – ඇමති TB

සටහන – රුවන් නෙළුගොල්ල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම නිසා 2028 වසර වනතෙක් ආණ්ඩුවට බදු මුදල්වලින් ජනතාවට සහනාධාර ලබාදීමට නොහැකි බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුමක ඉන්නෙ. 2028 වෙනකල් අපිට පහළ ජීවත් වෙන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අපිට මේ බදු මුදල් වියදම් කරන්න බෑ, සහනාධාර දෙන්න බෑ, ආධාර දෙන්න බෑ අර ගිවිසුමට අනුව”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාවගේ ධීවර පන්න සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම සඳහා ඊයේ (31) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති ලලිත් පියුම් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති...