කොළඹ LNW:55 වෙනි ඉල්මහ විරු සමරුව අද (05) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ නව නගර ශාලාවේදී සංවිධානය කර තිබුණි.
”අධිරාජ්යවාද්යට විනාශය සමාජවාදයට විජයග්‍රහණය ” යන මැයෙනුයි එය සංවිධානය කර තිබුණේ.
ජනතා විමුක්ති පෙරමුණේ සිටි සමයේ පටන් මෙතෙක් වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් විශ්වාසයෙන් යුතුව මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්ව කරන පැරණි සාමාජිකයින් ඊට එක්ව සිටියහ.
එදා 71 අරගලයේදීද සඨන් කළේද අධිරාජ්යවාද්යට විරුද්ධව, ” අධිරාජ්යවාද්යට විනාශය සමාජවාදයට විජයග්‍රහණය” යන තේමාවෙන් වන බවත් එදාට වඩා අද දිනය වන විටත් ඉතිහාසයයේ කවරදාටත් වඩා අධිරාජ්‍යවාදී නරුමත්වයෙන් බැට කන යුගයක බවට පත්ව ඇති බව එහිදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක පැවසීය.
”එදා 71 ජීවත් වුණු පරම්පරාව විස්වාස කළේ මුහුණු මාරුවක් නෙවෙයි. පාලක පන්තියේ ඔළු ගෙඩි මාරු කරලා මේ ප්රශ්නය විසඳන්න බැරි බව ඔවුන් දැනගෙන හිටියා. ඔවුන් ඉදිරියේ තිබුණේ එකම විසඳුමයි. ඒ තමයි වැඩකරන පන්තිය අතට රාජ්‍ය බලය ලබා ගැනීමේ අරගලය. අදත් අපි හිතනවා මුහුණු මාරු කරලා පක්ෂ මාරු කරලා මේ අධිරාජ්‍යවාදී මර උගුලෙන් ගැලවෙන්න පුලුවන් කමක් නෑ. මොකද එහෙම හිතලා ගෙනාපු ආණ්ඩුව පවා IMF එකේ ඉත්තෙක් වෙලා ඉවරයි. ඒ නිසා අධිරාජ්‍යවාදී උගුලට එරෙහිව, ආර්ථිකේ පීඩනයට එරෙහිව, වගේම මනුෂ්‍යත්වය වනසන නරුම යුද වියරුවට එරෙහිවත් වැඩකරන පන්තියේ ජනතා බලයක් අපි ගොඩනැගිය යුතුයි. අන්න ඒ සඳහා නායකත්වය දෙන්න පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි සූදානම්. අද අපිට තියෙන එකම විකල්පය සමාජවාදය විතරයි. අන්න ඒ සමාජවාදී සමාජය නිරමාණය කරන්න එකතුවෙමු කියලා අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා. ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ආධාරණය කළේය.
























