පාසල් වාර විභාග පැවැත්වීමත් බරපතළ අර්බුදයක – ලංකා ගුරු සංගමය (VIDEO)

Date:

කඩදාසි සහ මුද්‍රණ වියදම් ඉහළ යාම හමුවේ පාසල් වාර විභාග පැවැත්වීම බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

“මේ වනවිට අපි දන්නවා පාසල්වල පළමු වාර විභාගය පවත්වන්න කියලා සමහර පළාත්වලින් තීරණ අරන් තියෙනවා. එතනදී තියෙන බරපතළම ප්‍රශ්නය තමයි වාර විභාගයේදී ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමේ කඩදාසිවල බරපතළ මිල ඉහළ යාමක් තියෙන්නෙ. අපි ගත්තොත් දැන් උතුරු මැද පළාතේ ඒගොල්ලො ප්‍රශ්න පත්‍ර දෙන්න යන්නෙ 11 වසරට විතරයි. අනිත්වා පාසල් මට්ටමෙන් කරගන්න කියන්නෙ. ඩුප්ලෝ කරන ස්ටෙන්සිල් එකක්, සාමාන්‍යයෙන් 7500 පැකට් එක දැන් 30,000ක් වෙලා තියෙනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය තීන්ත බාල ඒවාත් පහේ පැක් එකක් 3500 වෙච්චි එක දැන් 15,000 යි. ඒ වගේමා හාෆ්ෂීට් මිල එකට තුනකින් විතර වැඩිවෙලා. එතකොට දැන් පාසල් වාර විභාග පැවැත්වීමේදී එක්කෝ පළාත් සභා මට්ටමෙන් යම් මැදිහත්වීමක් කරලා මේවා අරන් දෙන්න ඕනෙ. එහෙම නැත්නම් මේ කඩදාසි ලබාගැනීම සම්බන්ධයෙන් යම් නිශ්චිත වැඩපිළිවෙලක් හදන්න ඕනෙ. නැත්නම් මේ ළමයින්ගෙ ඇගයීම් කටයුතු බරපතළ අවුලකට ලක්වෙනවා.

අපි දිගින් දිගටම දැකපු දේ තමයි මේ මිල ඉහළ යන්න ඇරලා ආණ්ඩුව බලන් ඉන්නවා, ඒ කියන්නෙ ඕනෙ එකක් මිල ඉහළ ගියාට කමක් නෑ කියලා. අපි දන්නවා දැන් ළමයින්ගෙ සපත්තුවල මිල බරපතළ ලෙස වැඩිවෙලා තියෙන්නෙ. රුපියල් 2000 සපත්තු ජෝඩුවක් දැන් 4000 ට වැඩිවෙලා. ප්‍රවාහන වියදම් එකට තුනකින් වැඩිවෙලා. ඒත් දෙමව්පියන්ට පඩි වැඩිවෙලා නෑ. මේ තියෙන අර්බුදය තුළ පාසල් අධ්‍යාපනය බරපතළ කඩාවැටීමකට ලක්වෙන එක වළක්වන්න බෑ”

ජෝෂප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...