මිනිස්සු මොනයම්හෝ ගෝත්‍ර සංස්කෘතික කූඩුවක් ඇතුලේ ඉපදිලා ඒ සංකෘතික කූඩුවේම අංශු බවට පත් වුණාට පස්සෙ ඔවුන් ලෝකේ දිහා බලන්නෙ අර පරණ සංකෘතිය විසින් හදලා දීපු ගෝත්‍ර ප්‍රිස්මය තුළිනුයි.
ඉදියාවේ පරන හින්දු සංකෘතිය ජානගතවූ මිනිස්සු පුරුෂයා මියගිය ගැහැනුන් මිලියන ගානක් උත්සවයක් විදියටම ගිනිගොඩකට ඇදලා දාලා පුච්චලා මැරුවා. පස්සෙ බටහිර ජාතීන් ඉන්දියාව අල්ල ගත්තට පස්සෙ මේ සතිපූජා ඝාතනය නීතියෙන් තහනම් කලා. නීතිය උල්ලංඝනය කලවුන්ට දඬුවම් දුන්නා. මේ සතිපූජාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම හින්දූන් දැක්කෙ තමන්ගේ සංකෘතිය වැනසීමට සුද්දො කරන කෘර සතුරුකමක් විදියට.
නේරුලාගේ ගාන්ධිලාගේ අධිරාජ්‍ය විරෝධයේ තිබුනේ ස්වරාජ්‍යයක අභිප්‍රාය වුණත් බහුතර නූගත් ඉන්දියානුවන් ඒ අරගලයට එකතු වුණේ ගෑණු ගිනිගොඩවල්වලට ඇදලා දාපු සංකෘතීක අගතීන් නිරුපද්‍රිතව තියාගන්ට.
මෙතනදි අපට මේ සම්බන්ද මාක්ස්ගේ අදහසත් වැදගත් වෙනවා. මාක්ස් කියනව බටහිර ජාතීන්ගේ ආසියාවට අදාලව නව ආර්ථික ක්‍රමයක් ප්‍රතිස්තාපනය කිරීමේ කාර්‍යයට පැරණි ක්‍රමය මුලිනුපුටා දැමීමේ කාර්‍ය්යද අන්තර්ගතයි කියලා…
කොහොම නමුත් මේ ගෝත්‍රික සංකෘතීන්වල ජීවත්වෙන මිනිස්සුන්ට ගෝත්‍රික කටුව බිඳගෙන එළියට පැමිණීමට නොහැකි මූලික හේතුව වන්නේ වසර දහස්ගානක් තිස්සෙ සංකෘතීතිමය වශයෙන් ජානගතවී ඇති පිටත ලෝකය සම්බන්දයෙන් පවතින ෆෝබියාවයි.
විශේෂයෙන් ලංකාව ගත්තත් බටහිර ජාතීන් ලංකාව පාඩුලබන යටත් විජිතයක් ලෙස නම් කර අතහැර දමා ගොස් තිබියදීත් ලංකාවේ බොහෝ මිනිසුන් තුල ඇමරිකන් හමුදාව ලංකාවට පැමින කරන හමුදාකඳවුරු බැඳීමක් ගැන බයක් තිබ්බා…
ඊළඟට ලංකාවේ උතුරු සහ උතුරු මැද, නැගෙනහිර මධ්‍යම කඳුකරය දක්වා හැදෙන දමිල ඊළමක් ගැන සහ එතනින් නොනැවතී වතුකරයේ ජනයා පිහිටුවන මලෙයිනාඩුවක් ගැනත් බයෙන් හිටියා.
සහ අපගේ සියළු අසාර්ථකත්වයක් වල හේතුවද මේ දමිලයන් ලෙස අර්තකතනය කර ගත්තා..
ඊළගට බිලියන දෙසීයක යුධ වියදමක් දරලා ලෝකෙ පුරාටම ණය වෙලා සියළු වැර යොදා උතුර පොඩිපට්ටම් කරලා දැම්මා. ඇත්තෙන්ම අපේ කෙනෙහිලි කම් වලට එරෙහිවූ වෙනස් සංකෘතීක ප්‍රජාවකගේ නැගිටීමක් මිස වෙන මොන මළ ඉලව්වක්වත් එහි තිබුනේ නැත…
ඒක ඉවරකරලා දැම්මට පස්සෙ ඊළඟට ජාතියේ ෆෝබියාවය යොමු උනේ රටේ ආර්ථිකය ගිල ගැනීමට පැමිණෙන මුසල්මානුවකු ඉලක්ක කරගනිමිනි. මෙහිදී ජාතිය වඳකරන මහා ගර්භාෂ යුද්ධයක් ගැන ද කියවුනි.
අවසානයේ ඉස්ලාම් භීතිකාවද ව්‍යාජයක් බවටම පත්වී මේ අන්දභූත දැක්ම නිසාම අප මහා බංකොලොත් අගාධයකට ඇදවැටුන විට සතුරා ලෙසින් අපට අපවම සම්මුඛ වුනි.
ඒ සතුරා ලෙසින් අපට සම්මුඛවූ අපේම ප්‍රතිබිම්බය අන්කවරක්වත් නොව රාජපක්ෂ පිල්ලියයි.
මගුල් බෙරගහලා ජයසක් පිඹලා කිරිබත් කාලා මහත් අබිමානයෙන් ජාතිය බේරගන්ට අප විසින්ම පත්කරගත් රාජපක්ෂ පිල්ලිය යනු අන් කවරක්වත් නොව අපේම ගෝත්‍ර සාරයයි… !
පරම්පරා හතක් සසරෙන් එතෙරවෙන්ට කියලා කුඩා දරුවන් මාපියන්ගෙ කැමැත්තෙන් සහ භක්තියෙන් මාපිය රැකවරණයෙන් ඈත්කරලා පූජක ජීවිතේකට තල්ලුකරන සමාජයක් පිටතින් එන බලවේගයකට ගලවාගන්ට පුළුවන්ද?
අපව ගලවාගත යුත්තේ කාගෙන්ද ? කොහොමද… ?
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN