මහබැංකුවේ නිල සංචිත වත්කම් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2026 මාර්තු මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 7,019ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වී තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 7,270ක සංචිත වත්කම් හා සැසඳීමේ දී 3.5%ක පහළ යාමකි.

සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 පෙබරවාරි මාසය තුළ වාර්තා වී තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 7,057 සිට 2026 මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 6,793ක් දක්වා 3.8%ක පහළ ගොස් ඇත.

මේ අතර මහ බැංකුව සතු රන් සංචිතය 2026 පෙබරවාරි මාසය අවසානයේ දී තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 200 සිට 2026 මාර්තු මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 222 ක් දක්වා 10.8%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...