Home දේශපාලන පුවත් කටකතා ජනපති අනුරගෙන් කංචනට ඇමතුමක්

ජනපති අනුරගෙන් කංචනට ඇමතුමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාට දුරකථනයෙන් අමතා මහින්ද විජේසේකර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළකර තිබේ.

කංචන විජේසේකර මහතාගේ පියා වූ මහින්ද විජේසේකර මහතා දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනයෙහි නිරත වෙමින් අමාත්‍ය ධුර කිහිපයක්ම හෙබවූ අයෙකු වන අතර 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මාතරදී එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබූ ඔහු අසනීප තත්වයෙන් පසුවී 2026 අප්‍රේල් 02 වනදා අභාවප්‍රාප්ත වූයේය.

මහින්ද විජේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය 04 වනදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

එසේ අවසන් කටයුතු සිදුකෙරුණේ මාතරදී බැවින් තමන්ට එහි පැමිණීමට කාලය වෙන්කර ගැනීමට නොලැබුණු බව කංචන විජේසේකර මහතාට පවසා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහින්ද විජේසේකර මහතාගේ අභාවය සම්බන්ධයෙන් එම පවුලේ අය වෙත සිය ශෝකය ප්‍රකාශ කර ඇත.