කොළඹ LNW: කියුබාවට එරෙහි සම්බාධක පරාජය කිරීමේ අරමුණින් කියුබාවට සහය දැක්වීමේ වැඩසටහනක් අද (08) නුගේගොඩදී සංවිධානය කර තිබුණි.
කියුබානු ජනතාව වෙනුවෙන් මෙරට ජනතාවගේ සහයෝගය පෙන්වීමේ අභිප්‍රාය ඇතිව එය පැවැත්විය.
ඒ අනුව සහල්, තිරිඟු පිටි, කිරිපිටි, ආහාර පිසින තෙල්,ටින් කළ මස් හෝ මාළු, බෝංචි හෝ පියලි ඇට වර්ග,කෝපි හෝ තේ,ඖෂධ ඇතුළු ද්‍රව්‍ය එකතු කිරීම එහිදී සිදුවිය.
කියුබාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක පරාජය කිරීමේ අරමුණින් බැනරයකට අත්සන් තැබීමද සිදුකෙරුණි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න











