ජොන්ස්ටන් ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම් !

Date:

2013 වසරේදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් රාජකාරියෙන් ඉවත් කරගෙන දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රුපියල් ලක්ෂ 11කට අධික පාඩුවක් රජයට සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (30) නියම කළේය.

ඒ අනුව රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.

එමෙන්ම නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අධ්‍යක්ෂ මොහොමඩ් සාකීර් යන අය මෙම නඩුවේ විත්තිකරුවන් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...