මාතර සමූපකාර රෝහලේ බලය අල්ලන්න මාලිමාවුන් යකා නටයි. සේවකයින්ට සහ පොලීසියටත් පහරදීලා !

නිසි ඡන්ද විමසීමකින් තොරව මාතර සමූපකාර රෝහලේ බලය අත්පත් කරගැනීම සඳහා ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් උත්සාහ කිරීමත් සමග ඊයේ (11) පස්වරුවේ එහි උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

මෙම ජාජබ කණ්ඩායමේ උත්සාහයට එරෙහිව මාතර සමූපකාර රෝහලේ සේවක සේවිකාවන් වැඩවර්ජනයක නිරත වෙමින් උද්ඝෝෂණයක් ද සිදුකර තිබිණි.

මේ අතර ජාජබ කණ්ඩායම රෝහලට ඇතුළු වී ඇති අතර එහිදී එම රෝහලේ කාර්ය මණ්ඩලය සමග ගැටුමක් ඇතිකරගෙන පහරදීමක් ද සිදුකර ඇති බව සඳහන්.

එහිදී පහරකෑමට ලක්වු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් වාර්තා විය.

එමෙන්ම වසා තබා ඇති මාතර සමුපකාර රෝහලේ සභාපතිවරයාගේ කාමරයට අදාළ කාර්යාලයේ ඉබි අගුළු කඩා විවෘත කිරීමට එම ආධාරකරුවන් පිරිස කිහිප විටක් උත්සාහ කර ඇත. පොලීසිය ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජාජබ කණ්ඩායම පොලීසියටත් පහරදී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මාතර සමුපකාර රෝහලේ පාලන බලය ඡන්දයකින් තොරව ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම පසුගිය දෙවැනිදා සිට අවස්ථා කිහිපයකදීම උත්සාහ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් (27) පළාත් පහකට තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 27) දිනයේදී උතුරු, උතුරු...

අමෙරිකාවට ප්‍රබල කුණාටුවක්; ගංවතුර හා ගුවන් ගමන් රැසකට බාධා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: අමෙරිකා එක්සත් ජනපදයට...

සද්දෙ කපපු වටගල ….

පාර්ලිමේන්තුවේ ෆෝන් බල බල හිටපු මාලිමාවේ මන්ත්‍රීවරියක්ට වටගල මහත්තය...

නෑ, නෑ, කිව්වාට ඇමතිවරු 10 දෙනෙක් නිල නිවාස අරන් – චමින්ද විජේසිරි හෙළිකරයි

වත්මන් රජයේ අමාත්‍යවරුන් නිල නිවාස ලබානොගන්නා බවක් එදා පැවසූ...