Home විශේෂාංග තීරු ලිපි සෑම සමාජවාදී නායකයෙකුගේම සිත යට ‘වෙන්ට ප්‍රභූවරයෙක්’ සැඟව සිටී ….

සෑම සමාජවාදී නායකයෙකුගේම සිත යට ‘වෙන්ට ප්‍රභූවරයෙක්’ සැඟව සිටී ….

තවදුරටත් පියානෝව, ග්‍රැම්පෝනය වගේ දේවල් බාවිතාවේ තිබෙන සංගීත උපකරණ විශේෂයක් නොවේ.. වර්තමානයේ ගෙයක ආලින්දයේ මේ සංගීත භාණ්ඩ තැම්පත් කෙරෙන්නේ ගෙහිමියාගේ රදලත්වය ප්‍රභූත්වය අනියමින් කියාපාන අතීත සංකේත ලෙසය.. ගෙහිමියාගේ අධ්‍යාත්මයේ අඳුරු අහුමුලු නිවසේ තැන්පත් යුගයට අදාල නැති ගෘහ භාන්ඩවලින් කියවාගත හැකිබැව් ජගත් ලේඛක තෝල්ස්තෝයිද කියාතිබේ..

මම මේ කතාකරන්නේ ලාල්ගේ නව නිවසේ පියානෝව ගැනය..

මේ මොහොතේ රටේ ආර්ථිකය ඇදීයමින් පවතින්නේ අතිශය නරක තැනකටය. රටේ ජනතාව පසුවන්නේ එදිනෙදා ජන ජීවිතයවත් පවත්වාගෙන යා නොහැකි පසුබිමකය..එවන් හෝරාවක දේශපාලකයන් තමන්ගෙ සුඛෝපභෝගී නිවාස, බඩු භාන්ඩ අඬබෙර ගසා රටට පෙන්වීම අලිම මෝඩ වැඩකි.

එවන් තත්වයකදීත් ලාල් ස්වකීය අලුතෙන් සැදූ නවීන ගෙවල් දොරවල් රටට පෙන්වන්නේ ඇයි?

හේතුව ඔහුට තමන් ප්‍රභූවරයෙක් ලෙස රටට පෙන්වීමට ඇති අවිඥානික ආශාව සියල්ලට ඉහලින් තිබීමයි.. මේ අන්කවරක්වත් නොව මෙතෙක් ජීවිතයේ ඉෂ්ටසිද්ධ කරගැනීමට නොහැකිවූ ජීවිතයේ අවරෝධිත සහ දැවෙන ආශාවන්ය..

ව්‍යුහවාදයට අනුව බොහෝ විමුක්තිවාදී නායකයන්ගේ ඔවුන්ගේ විමුක්තිය හඹායෑමේ ආත්මීය පසුබිම ඇත්තේ කුඩාකල හෝ ඊට ආසන්න වයසකදී ඔවුන්ට සිදුවූ මදි පුංචිකමක්, අහිමිවීමක් තුලමය..

ඇතමෙකුට එය ළමාවියේ කෝච්චියේ, බස් එකේ ටොපි විකිනීමට සිදුවූ මානසික අර්බුදය විය හැක.. තව කෙනෙක් පෙලපත් නාමයේ වාසගමේ ඇති කුලය පිළිබඳ හීනමානය නිසා රටේ ජනාධිපති වීමට උත්සාහ දරනවාද විය හැකිය..

මෙවන් අය බලය සාක්ශාත් වීමෙන් පසුද හැකිවෙර යොදා අවිඥානිකව සොයන්නේ ළමාවියේ හා පෙර කලෙක තමාට අහිමිවූ දෙයමය..

මෙහිදී ඇතැම්විට රටක් ජාතියක් පෝලිමේ ගොස් ගැලවුම් කාරයෙකු යැයි සිතා බලයට පත්කරගන්නේ අවරෝධිත ආශාවන් සහිත හිස්ටරික ජීවීන් කොටසකි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ